Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇඟ විතරක් නෙමෙයි මොළයත් ව්‍යායාම වලින් හදාගන්න පුළුවන්

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

කාය වර්ධන මධ්‍යස්ථානයකට ගිහින් ඇඟ හදාගන්න අපි හුඟදෙනෙක් කැමතියි. ඒක ශරීර සෞඛ්‍යයටත් හොඳයි. හැබැයි අපිට වැදගත් වෙන ඔළුව ඇතුළේ ඉන්න තවත් කෙනෙක් අපිට අමතක වෙලා. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ මොළ ගෙඩිය! ඇඟ හදාගන්නවා වගේ ම මොළේ හදාගත්තාමත් අපිට ජීවිතය දිනන්න බොහොම පහසුවක් වෙනවා. ඒත් ඇඟ හදාගන්න ජිම් යනවා වගේ මොළේ හදාගන්නත් ක්‍රමයක් කියාපු තියෙනවා ද?

මාංශ පේශි ශක්තිමත් කිරීමේදී අපි කරන්නේ අවශ්‍ය මාංශ පේශියට වැඩි ක්‍රියාකාරීත්වයක් සහ බරක් දිගු කාලයක් තිස්සේ ලබාදීම යි. එවිට පේශිවල සිදුවන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා වැඩි බර සඳහා ඔරොත්තු දෙන සේ සවිමත් වෙනවා. මෙන්න මේ ක්‍රමය අපිට මොළය සඳහා භාවිතා කරන්නටත් පුළුවන්. ස්නායු සෛල එනම්, නියුරෝනවල පණිවිඩ හුවමාරු වන අක්සන කෙළවර ඇති උපාගම කුඩුම්බි හරහා නියුරෝන දෙකක් අතර ආවේග සම්ප්‍රේෂණය වෙනවා. මොළයේ ස්නායු සෛල වැඩි කරගන්නට අපිට නොහැකි නමුත් ස්නායු සෛලවල ඇති මෙම සම්බන්ධතා ප්‍රමාණය නම් මොළයට ව්‍යායාම දීමෙන් වැඩි කරගත හැකියි. කුතුහලය වැඩි කුඩා දරුවන්ගේ මෙම සබඳතා ප්‍රමාණය වැඩි අතර වැඩිවිය පැමිණිමත් සමඟ අප එක ම කාර්ය පටිපාටියකට හුරුවන නිසා මොළය භාවිතා වන ප්‍රමාණය අඩුවී මෙම සබඳතා ප්‍රමාණයන් ද අඩුවී යනවා.

මොළයේ තර්කන හැකියාව වැඩි කරගැනීම සඳහා දිනපතා අවම වශයෙන් ගණිත ගැටළුවක් බැගින්වත් විසඳිය යුතු වෙනවා. මේ සඳහා ස්මාර්ට් දුරකථන ඇප් ද සොයාගත හැකි අතර මතක ශක්තිය වර්ධනය කරගත හැකි ආකාරයේ ගැටළුවලට මුහුණ දීමෙන් මතකය ද සවිබල ගන්වා ගත හැකි වෙනවා. ඔබ දැනටමත් තර්කනය අතින් දක්ෂ නම් කලාත්මක පැත්තට යොමු වන්නට එනම්, සංගීත භාණ්ඩයක් පුහුණු වන්නට හෝ චිත්‍ර කලාවට අවධානය යොමු කිරීම හොඳයි. භාවනාවක් පුහුණු වීමත් හැම කෙනෙක්ට ම වටිනවා.

අපේ මොළය ක්‍රියාත්මක කරවීමේදී ඉන් විවිධ කිරණ පිටවෙනවා.

  • ඇල්ෆා කිරණ – භාවනා කිරීමේදීත්,
  • බීටා කිරණ – එදිනෙදා වැඩ කිරීමේදීත්,
  • ගැමා කිරණ – තර්කනයේ යෙදීමේදී, මතකය අවධි කිරීමේදීත්,
  • ඩෙල්ටා කිරණ – ගැඹුරු නින්දක් හෝ ධ්‍යානයකදීත්,
  • තීටා කිරණ – අඩ නින්දේදීත් මෙලෙස නිකුත් වෙනවා.

සමහරවිට අතීත ශාස්තෘවරුන්ගේ සිරුරෙන් පිටවූ රශ්මි කදම්භ මේවා අධික ලෙස නිකුත් වීම හරහා සිදුවුණා වෙන්නත් පුළුවන්.

ඉතින් ඔබේ මොළයත් නිසි ආකාරව පුරුදු පුහුණු කර හැඩ ගස්වා ගත්තොත් එහි ක්‍රියාකාරීත්වය ඉතා යහපත් අතට හැරෙන හැටි ජිම් එකේ කණ්නාඩියෙන් ශරීරය බලනවා වගේ ඔබට දැකගන්නට හැකි වේවි.

කවරයේ පින්තුරය: rnblog.rockwellnutrition.com

Related Articles